වත්මන් රජය සමයේදී බැඳුම්කර නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුකිරීම මගින් රජයට පාඩු සිදුකළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්භාරයට පත් කොට සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නමැත්තන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ප්රතිශෝධන අයදුම් පත්‍රයක් අද (26දා)කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැකකරුවන් රිමාන්ඩ්භාරයට පත් කරමින් කොටුව මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරමින් ඔවුන්ට ඇප නියම කරන්නැයි නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්රතිශෝධන අයදුම් පත්‍රයේ සඳහන් කොට ඇත.