ප්රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති එහි දෛවැනි හා තෙවැනි සැකකරුවන් වන අර්ජුන් අලෝසියස් හා කසුන් පළිසේන යන සැකකරුවන් අද (16දා) නැවතත් කොළඹ කොටුව ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඔවුන්ගේ ඇප ඉල්ලීමද අද සළකා බැලීමට නියමිතය. එහි පළමු සැකකරු වන අර්ජුන් මහේන්ද්රන් මහතාට ඊයේ (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස සඳහන් කළත් ඔහු පෙනී නොසිටියේය.