ඇල්පිටිය බස්නැවතුම්පොල පිටුපස ගොඩනැගිල්ලක් තුළ ඝාතනය කර තිබු සරසවි සිසුවියකගේ මළ සිරුරක් සොයාගත් බව ඇල්පිටිය පොලීසිය පැවැසීය.
ඝාතනයට ලක්ව ඇත්තේ නියාගම තල්ගස්වල ලිිපිනයේ පදිංචි බිමාෂා ගයනිති ත්‍රිමාන නම් 22 හැවරිදි සරසවි සිසුවියකි. ඇය කෙළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ 2වැනි වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් බවට තහවුරු වි තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් ඝාතනයට ලක්වු ශිෂ්‍යාවගේ පෙම්වතා යැයි සැක කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඇල්පිටිය පොලීසිය පැවැසීය.
ඇත්කඳුරේ ජනක්ද සිල්වා