ඇඹිලිපිටියේදී තරුණයෙකු ඝාතනය වීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය අගමැතිවරයා විසින් වහාම රටට හෙළිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පොලීසිය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙනී සිටිය යුත්තේ මියගිය තරුණයා වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටුකිරීම වුවත්, පොලීසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙනී සිටින්නේ ඝාතකයන් ආරක්ෂා කිරීමට බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ මෙම සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද ඔහු පවසා සිටියේය.