ඇමෙරිකාවේ පැවැති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අමෙරිකානු ජනතාවට විප්ලවකාරී වෙනසක් අවශ්‍ය බව මේ ජයග්‍රහණයත් සමගම සනාථ වූ බවයි.
ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් මහතාට අවාසිදායක තත්ත්වයන් බොහොමයක් තිබුණු බවත් ඒ පසුබිම මත ට්‍රම්ප් මහතා ලබා ගත් ජයග්‍රහණය සුවිශේෂී බවත් අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ වෙයි.