ඇමෙරිකාව ප්රමුඛ ප්‍රධාන කණ්ඩායමේ යෝජනාවෙන් ව්‍යවස්ථා උල්ලංඝනයක්
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, මොරිසස්, මොන්ටෙනේග්‍රෝ සහ මැසිඩෝනියාව යන රටවලින් සමන්විත ප්‍රධාන කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ජිනීවාහි එක්සත් ජාතීන් ගේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතෙහි අනුග්‍රාහක රටවල් විසින් පසුගිය 7 වැනිදා ජිනීවාහිදී පවත්වනලද නිල නොවන ප්‍රථම රැස්වීම ආරම්භයේ කළ මැදිහත්වීමකදී තානාපතිවරයා මෙම නිරීක්ෂණ ඉදිරිපත් කළේය.
එය ස්වරූපයෙන් විශාල ආගන්තුක බවක් පෙන්වන අතර, ශ්‍රී ලාංකීය ජනතාවගේ සෛවරීභාවය සහ භෞමික අඛණ්ඩතාව කඩකිරීමක් බවද එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ. විශාල ලෙස දේශපාලනීකරණය වූ එය මානව හිමිකම් කවුන්සිලයේ පිළිගත් චර්යා මූලධර්ම පැහැදිලිව කඩකිරීමක් බවද ඔහු පෙන්වා දී තිබේ.
නරක පූර්වාදර්ශයක් මෙම යෝජනාවෙන් ඇති කරන බව කී තානාපතිවරයා, එමගින් මෙම කවුන්සිලයේ සියලුම සංවර්ධනය වන රටවල් කෙරෙහි මැදි කාලීනව සිට දිගුකාලීනව අහිතකර බලපෑමක් ඇති විය හැකි බවද අවධාරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

