ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබේ.
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපයේ ඇතැම් ප්රදේශවල ඡන්ද විමසීම ග්රිනීස් වේලාවෙන් පෙ.ව.11.00 ට පමණ, එනම් ශ්රී ලංකවේ වේලාවෙන් ප.ව. 4.30 ට පමණ ආරම්භ කෙරුණු බවද විදෙස් වාර්තා පවසයි.
එහිදී, ඡන්ද ප්රතිඵල නිකුත් වීම බදාදා ග්රිනීච් වේලාවෙන් පෙ.ව.5.00 ට පමණ, එනම් ශ්රී ලංකා වේලාවෙන් පෙ.ව.10.30 පමණ වනවිට නිකුත් වීමට නියමිතව තිබේ.
එමෙන්ම, මිලියන 45ක පමණ ජනතාවක් දැනටමත් තම පූර්ව ඡන්ද ප්රකාශය (තැපැල් ඡන්ද) කර ඇති අතර, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා ප්රාන්ත මට්ටමින් ඇරඹී ඇති ඡන්ද පොළ වෙත සෙසු ජනතාව ගමන් කරමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.