ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ගෙන ඒමට නියමිත මානව හිමිකම් යෝජනාවලිය පිළිබඳව මේවන විට ඉන්දියාව සිය නිහඩතාවය ආරක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමන් ‘ඉකොනාමික්ස් ටයිම්ස්’ පුවත් සේවය සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණය පීළිබඳව අවධානය යොමු කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා හි ශ්‍රී ලංකා ව්දේශ අමාත්‍යවරයා අතර පැවැති හමුවේදීද සල්මන් කුර්ෂිඩ් විසන් ඇමෙරිකානු යෝජනාවලිය පිළීබඳව ජී.එල්. පීරිස් අමාත්‍යවරයාට කිසිඳු අදහස් දැක්වීමක් නොකළ බවයි.