ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද සටනේ ප්‍රධාන නියමුවන් දෙදෙනා වන ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතීතාවර්ජනයක සේයා රූප පෙළකි මේ.
01. හිලරි චිකාගෝවේදී උපත ලබා හැදී වැඩුණි. ට්‍රම්ප් නිව්යෝක්, ක්වින්ස් හිදී උපත ලැබීය.
02. ඇය මෙයිනේ ටවුන්ෂිප් උසස් විද්‍යාලයේ විවාද කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වන අවස්ථාවේදී, ඔහු නිව්යෝක් හමුදා ඇකඩමියට සම්බන්ධව, එම ඇකඩමියේ ශිෂ්‍ය නායක පදවියක්ද ලැබීය.
03. යේලේ නීති විද්‍යාලයේදී හිලරිට, බිල් ක්ලින්ටන් හමුවිය. ට්‍රම්ප්ට සිය ප්‍රථම බිරිඳ වූ ඉවානා හමුවූයේ වර්ෂ 1970දීය. ඔහු ට්‍රම්ප්ගේ දරුවන් තිදෙනෙකුගේ මවය.
04. වර්ෂ 1974 දී රිචඩ් නික්සන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදී එම කමිටුවේ නීතිඥයෙකු ලෙස හිලරි රොඩ්හැම් කටයුතු කළාය. වර්ෂ 1976 දී ට්‍රම්ප් දේපොළ වෙළෙඳාම් ක්ෂේත්රයේ සිය ව්‍යාපාරය නිව්යෝක් නුවරින් ඇරඹීය.
05. 1992 වසරේ ඩිමොක්රටික් පක්ෂ සම්මේලනයට හිලරි හා චෙල්සී දියණිය සහභාගී වූහ. 1986 දී ට්‍රම්ප් සිය දරුවන් තිදෙනා සහ ප්‍රථම බිරිඳ ඉවානා සමග.
06. ජනාධිපති ආර්යාව ලෙස වර්ෂ 1995 දී චීනයේ, බිජිං නුවරදී කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කතාවක් කළාය. එම වසරේදීම ට්‍රම්ප් ප්ලාසා කැසිනෝ ව්‍යාපාරය නිව්යෝක් කොටස් වෙළෙඳ පොළේ මහජන කොටස් නිකුතුවක් සිදුකළේය.
07. 1994 වසරේදී ක්ලින්ටන් බේස්බෝල් ක්‍රීඩාව සමග. 2004 දී ට්‍රම්ප් නිව්යෝක් යැන්කීස් සමග.
08. හිලරි 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් දිනකට පසුව. ඉන් සතියකට පසුව නිව්යෝක් කොටස් වෙළෙඳ පොළ අසල ට්‍රම්ප්.
09. 2008 වසරේදී හිලරි ප්‍රථම වරට ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් විය. නමුත්, ඩිමොක්රටික් අපේක්ෂකත්වය ඔබාමා හමුවේ ඇය පරාජය විය. දි ඇප්රෙන්ටිස් රියැලටි වැඩසටහන අඛණ්ඩව වසර 10ක් රැගෙන ආ රියැලිටි තරුවක් බවට පත්විය.
10. 2011 වසරේදී ලිබියාව බලා ගුවනිනන් යන අතරතුර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස හිලරි පණිවුඩයක් කියවමින්. පසුකාලීනව ඊමේල් පලහිලව්වක් හිලරිගේ ජනප්‍රියත්වයටද බලපෑම් කරන්නට විය. ට්‍රම්ප් වඩාත් සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට පැමිණි අතර, රියැලිටි ලෝකයේද තරුවක් බවට පත්විය.
11. 2016 වසරේදී ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් රිපබ්ලිකන් අපේක්ෂකත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද, රිපබ්ලිකන් අපේක්ෂකත්වය හිලරි ක්ලින්ටන් විසින්ද දිනාගන්නා ලදී.
ඒ අනුව, ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස කිරුළු දැරීමට හිලරි හා ට්‍රම්ප් සූදානමින් සිටියි.