බ්‍රිතාන්‍යයේ සිට ඇමෙරිකාව බලා ගමන් කළ ඇමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් යානයක් එහි නියමු කුටියේ ඇති වූ දුමක් හේතුවෙන් යළි හීතෘ ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.
AA105 අංක දරණ මෙම යානය එංගලන්තයේ, ස්වින්ඩොන් නගරයට ආසන්නයේදී මෙසේ නියමු කුටියෙන් දුමක් නිකුත් වී ඇති බව කියයි.
එහිදී, යානය යළි ලන්ඩනයේ හිතෘ ගුවන් තොටුපොළ වෙත හරවා ගමන් කරවීමට නියමුවන් කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, යානය නිරුපද්‍රිතව හිතෘ ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති අතර, ගිනි නිවන රථ රැසක් ඒ වනවිටත් ධාවන පථය වෙත කැඳවා තිබුණු බවද කියැවෙයි.
යානයේ කාර්මික දෝෂයක් මෙම දුමට හේතුවී ඇති බවත්, ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවන බවත් කියැවෙයි.
අද උදෑසනද යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් UA929 දරණ යානය ලන්ඩනයේ හීතෘ සිට සිට ඇමෙරිකාවේ චිකාගෝ බලා ගමන් කරමින් සිටියදී, හදිසි තත්ත්වයක් හේතුවෙන් එඩින්ග්බර්ග් වෙත ගොඩබා ඇත.
එම යානයේ ඉන්ධන පද්ධතියේ ඇති වූ දෝෂයක් මෙම හදිසි ගොඩබෑමට හේතු වී තිබුණි.