මෙරටට පැමණ සිටින 8 දෙනෙකු ගෙන් සමන්විත ඇමරිකානු මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ඇතුළු නියෝජිතයන් පිරිස අතර විශේෂ හමුවක් අද (02දා) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර පැවැත්විණි.
එහිදී මානව හිමිකම් නියෝජිතයන් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර පශ්චාත් යුද සමයෙන් පසුව මෙරට මානව හිමිකම් තත්වය පිළිබඳව කතාබහට ලක්කෙරිණ.
මෙහිදී අමාත්‍යවරයා ඇමරිකන් එක්සත් ජනපද විශේෂ නියෝජිත පිරිස හමුවේ නව රජය මඟින් මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ කරුණු දක්වනු ලැබුවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ වත්මන් රජයේ අරමුණ මානව හිමිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීම බවද එහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කරනු ලැබීය.