ආණ්ඩුවේ දූෂණ විමර්ශන ක්‍රියාවලිය කාර්යක්ෂම විය යුතු බවට ඇතැම් අමාත්‍යවරුන් පවසන බවත් තමන්ද එයට එකඟ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා විශේෂ විමර්ශන ඒකකයට අද (16දා) පැමිණීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
“අපේ රටේ දූෂණ විමර්ශනය ගැන බරපතළ ගැටලුවක් මතුවෙලා තියෙනවා. ආණ්ඩුවේ ඇමතිවරු මාධ්‍ය හමුවට ඇවිත් කියනවා මේ ආණ්ඩුවේ දූෂණ විමර්ශන ක්‍රියාවලිය සාර්ථක නෑ. දූෂිතයන්ට දඬුවම් ලැබෙන්නෙ නෑ. දූෂණ විමර්ශන ක්‍රියාවලිය මීට වඩා කාර්ක්ෂම විය යුතුයි කියලා. අපි ඉන්නෙත් ඒ මතයේම තමයි.
නමුත් අද ප්රශ්නය වෙලා තියෙන්නෙ අර රත්රන් මාලය කඩාගෙන දුවන සොරාම හොරෙක් හොරෙක් අල්ලපියෝ කියනව වගේ අන්ත දූෂිත ඇමතිවරුමයි මේ දූෂිතයන්ට දඬුවම් දීම ප්‍රමාදැයි කියලා සමාජයේ හඬ නගන්නේ.
අපේ පොලිස් නිලධාරීන් මහන්සිවී වැඩ කළත් දේශපාලකයන් ඔවුන්ගේ පරීක්ෂණවලට බලපෑම් කරමින් තමන්ව රැකගැනීම වෙනුවෙන් රාජ්‍ය බලය ඇතැම් විට ව්‍යවස්ථාදායක මණ්ඩලයේ තමන් දරන තනතුර පාචිච්චි කරන නිසා විමර්ශන නිලධාරීන් අසරණ තත්ත්වයට පත්වෙලා තියෙනවා.”