අමාත්‍යවරුන් සිවුදෙනෙකු යටතේ පැවැති විවිධ දෙපාර්තමේන්තු, ව්‍යස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 13ක් විජයදාස රාජක්ෂ මහතා දිවුරුම් දුන් නව අමාත්‍යාංශය වන උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පවරමින් නව අමාත්‍යාංශවල විෂය පථයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
මෙසේ නම්කර ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත්ව තිබූ ආයතන 06ට අමතරවය. විජයදාස රාජපක්ෂ මහතා දරන උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයට අලුතින් එක්කර ඇත්තේ අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍ය ධුරය දරන අධ්‍යාපන අමාත්‍යාංශය, එස්.බී. නාවින්න මහතා අමාත්‍ය ධුරය දරන අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය, රංජිත් මද්දුම බණ්ඩාර මහතා අමාත්‍ය ධුරය දරන රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ මලික් සමරවික්‍රම මහතා අමාත්‍ය ධුරය දරන සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සතුව පැවැති ආයතන 13කි.
මීට පෙර කබීර් හෂීම් මහතා අමාත්‍ය ධුරය දැරූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සතුව පැවැති උසස් අධ්‍යාපන කොටසද මෙම අමාත්‍යාංශයට එක්කර ඇත.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ඒ යටතේ ඇති සියලු විශ්වවිද්‍යාල, සියලුම පශ්චාත් උපාධි ආයතන සහ ඒ යටතේ ඇති අනෙකුත් ආයතන, බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ හා අධ්‍යාපන ආයතනය, විජයදාස රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයට ලබා දී තිබේ.
එමෙන්ම මහපොළ භාරකාර අරමුදල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ටවර් හෝල් රඟහල පදනම, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ජාතික ප්රසාංගික කලා මධ්‍යස්ථානය, ජාතික කලා මණ්ඩලය, ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය, අපේ ගම, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ජාතික චිත්‍රපට සංස්ථාවද විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ඇති උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
මේ අතර රංජිත් මද්දුම බණ්ඩාර මහතා අමාත්‍ය ධුරය දැරූ රාජ්‍ය පාරිපාලන අමාත්‍යාශය යටතේ තිබූ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ ඇති අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළත් කර ඇත.
නව සංශෝධිත විෂය පථයන් අනුව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ඉවත් කර තිබෙන අතර, සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ පැවැති විෂයයන් අමාත්‍යංශ දෙකක් යටතේ ගැසට් කර තිබේ.
ඒ අනුව, සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත්තේ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික සමාජ සංවර්ධන ආයතනය, ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතන සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය යන ආයතනයි.
සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතට අලුතින් එක් වී ඇති විෂයයන් වන්නේ, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාල හා ආබාධිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව යන ආයතනයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති හිඟුරාන සීනි කර්මාන්ත සමාගම, ලංකා සීනි පෞද්ගලික සමාගම හා ජාතික කඩදාසි සංස්ථාව ඉන් ඉවත් කර රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවැති උක් පර්යේෂණ ආයතනය රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවැති හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම ඉන් ඉවත් කර ඇති අතර, සියලුම රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා පෞද්ගලික සමාගම එම අමාත්‍යාංශය යටතේම ගැසට් කර ඇත.
ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙතෙක් කලක් පැවැති වී අලෙවි මණ්ඩලය හා හදබිම අධිකාරිය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ.
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පැවැති, මහපොළ භාරකාර අරමුදල සහ ඊට සම්බන්ධ කාර්යයන් ඉවත් කර එය උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පවරා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතු අතිවිශේෂ ගැසට් නිවේදනයක් ලෙස අමාත්‍යාංශ විෂයයන් වෙන් කිරීමේ ගැසට් නිවේදනය පෙරේදා (12දා) නිකුත් කර තිබේ.
ආණ්ඩුවේ අමාත්‍යාංශ කිහිපයක් සඳහා අමාත්‍යවරුන් පසුගියදා දිවුරුම් දුන් අතර, ඒ අනුව අමාත්‍යාංශ සඳහා නව විෂයයන් බෙදීම සිදුකර ඇත.