ඇමතිවරු සාමූහික වගකීමට බැදෙති
ආණ්ඩුවේ සියලුම අමාත්‍යවරුන්, අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම සුරකින බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
රටේ යහපත සඳහා කඩිනමින් ක්‍රියාත්ම කළ යුතුව තිබූ ඇතැම් තීරණ ක්‍රියාත්මක කිරීමට ඇතිවූ බාධා පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එවැනි දෑ නොවීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට සිදුකළ යෝජනාවක් අනුව මෙලෙස දිවුරුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
සාමූහික වගකීම ආරක්ෂා කිරීමේ අමාත්‍ය මණ්ඩලයේ මහඟු සම්ප්රදාය ගරුකරමින් සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ සෑම සාමාජිකයෙකුම කැපවෙන බවට මෙහිදී ප්‍රතිඥා ලබාදී තිබේ.
ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම හා එම පාලනය පිළිබද විධානය භාරව ක්‍රියාකරනු ලබන අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු දීමට බැඳී සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 42 (2) වන ව්‍යවස්ථාවේ සඳහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

