ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජය පෙනි පෙනී සිටින වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙකු මහ මැතිවරණය කල් දමාගැනීමේ උත්සාහයක නිරත වන බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පැවසීය.
අද (09දා) පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීමට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මහ මැතිවරණයෙන් පසුව එළඹෙන පාර්ලිමේන්තුවෙන් 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම ජනතා අපේක්ෂාව බවයි.
පවතින ආණ්ඩු පක්ෂයට හෝ ඊළඟට බිහිවන ආණ්ඩු පක්ෂයට තනිවම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත නොහැකි බවත්, ඒ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රධාන දේශපාලන ප්රවාහයන් දෙකම එකතු විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
‘‘ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත්, ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන ප්රවාහයන් 2 ම එකතු විය යුතුයි’’ යනුවෙන් ගම්මන්පිල මහතා එහිදී ප්‍රකාශ කළේය.