වර්තමානය වන විට මැති ඇමතිවරු අතර විශාල ගැටුමක් නිර්මාණය වී ඇති බවත්, ඒ නිසාවෙන් ඉදිරි කාලයේ දී විශාල විපර්යාසයක් දැක බලා ගැනීමට හැකි වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. එට්කා ගිවිසුම අත්සන් කිරීම රජය නවතා දැමිය යුතු බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වමින් මෙසේද කීය.
" එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව අ ත්සන් කළ හොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මරණ වරෙන්තුව අත්සන් කළා කියලා හිතා ගත්තට කමක් නෑ. අද වෙනකොට වී ගොවිතැන බලවත් අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමා පොහොර සහනාධාරය කප්පාදු කිරීම. මේ තත්ත්වය යටතේ කුලියාපිටිය, ආරච්චිකට්ටුව හා අම්බලන්ගොඩ සමුපකාරවල ඡන්ද ආණ්ඩුවට පහරක් වෙලා. ඒ නිසා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව බයවෙලා. ඒ වෙනුවට ආණ්ඩුව දැන් ජනමත විචාරණයක් තියන්න ලෑස්ති වෙනවා.
අද (10) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව කීය.