විදුලිය අරපරිස්සමින් යුතුව පරිහරණය කරන විදුලි පාරිභෝගිකයන්ට ජයග්‍රහණ හිමිකරදීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් පැවැත්වූ විදුලි වාසනා තරගයේ ජයග්‍රාහකයන්ට තිළිණ ප්රදානය අද (22දා) සිදුකිරීමට සංවිධානය කර තිබුණද අමාත්‍යවරයා සහ නියෝ‘ජ්‍ය අමාත්‍යවරයා නොදැනුවත්වම එය දින නියමක් නොමැතිව කල් දමා තිබේ.
අද (22දා) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී එය පැවැත්වීමට ශාලාවද වෙන්කර ජයග්රාහකයන්ටද දැනුම්දී තිබිණ. නමුත් හදිසියේ එය අවලංගු කර ඇති බව ඊයේ (21දා) පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා යන මහත්වරුන්ට දැනුම්දී ඇති බව වාර්තා වේ.
තමාගේ අනුදැනුමකින් තොරව එලෙස අමාත්‍යාංශය සංවිධානය කළ උත්සවයක් අවලංගු වීම පිළිබඳව දැනගත් විගස විෂය භාර අමාත්‍යවරුන් විසින් වහාම මේ පිළිබඳව සොයා බලා මෙයට අදාළ පුද්ගලයන් ගැන දැනුම්දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇත.
කෙසේවෙතත් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බටගොඩ මහතා මේ පිළිබඳ දැනුවත් වීමෙන් පසුව ජයග්‍රාහකයන් ලෙස තෝරාගනු ලැබුවන්ට ඒ පිළිබඳව දැනුම්දීමට කටයුතු කර තිබේ. විදුලි වාසනා වැඩසටහන භාරව සිටි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කොමැල්ටර් මහතා හදිසියේ විදේශගත වී ඇති අතර, ඒ හේතුවෙන් හදිසියේ මෙම උත්සවය අවලංගු කර ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග අදට පැවසීය.