තමාගේ මැතිවරණ බල ප්‍රදේශයවන නිවිතිගල ආසනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනෙන් එකක හෝ ජනතාවට සමෘද්ධිය අසාධාරණ ලෙස සජිත් ප්‍රේමදාස මහතා ලබාදුන්නේ යැයි ඔප්පු කළහොත් තමන් ඇමතිකමෙන් පමණක් නොව දේශපාලනයෙන්ද ඉවත්වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ අදහස් පළකළේ, පසුගියදා රත්නපුර ඇලපාත, ප්‍රදේශයේදී පැවති ජනහමුවකදීය.
”මගේ මැතිවරණ බල ප්‍රදේශය වන නිවිතිගල ආසනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3ක් තිබෙනවා. ඒවායේ කිසිම කෙනෙක්ට දේශපාලන හේතු මත සමෘද්ධි මුදල් ලබාදීලා නැහැ. එහෙම දෙන්න කියලා මම සජත් ප්‍රේමදාස ඇමතිතුමාට බලපෑම් කළෙත් නැහැ. සජිත් ඇමතිතුමා බොහොම අවංක, නීතියට ගරුකරන ඇමති කෙනෙක්. එතුමා කවදාවත් එහෙම අසාධාරණකම් කරන්නේ නැහැ.
මගේ ආසනයේ, මගේ පක්ෂ.යේ අයගේ සමෘද්ධිය කැපුවා. දෙන්න ඕනි අයට නොවෙයි සමෘද්ධි සහන දුන්නේ. දුප්පත් අයට දුන්නෙ නෑ. නමුත් අපි ආණ්ඩුවක් පිහිටෙව්වාට, ඒ අයගේ සමෘද්ධි අහිමි කළේ නෑ. අපේ අයටත් අපි අසාධාරණ විදිහට දුන්නේ නෑ. පුළුවන් නම් මම වැරදි විදිහට සමෘද්ධි සල්ලි දෙන්න කියලා ඉල්ලලා තියෙනවා කියලා ඔප්පු කරන්න. එදාට මම මේ ඇමතිකමෙන් විතරක් නෙවෙයි දේශපාලනයෙන්ද ඉවත් වෙනවා.” යැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයි සඳහන් කළාය.