ඇතැම් පිරිස් ඌව පළාත් සභාවේ ඇමතිධුර ලබාගෙන අද දිනයේදී දිවුරුම් දීමට සූදානමින් සිටි බවත්, අධිකරණයේ තීන්දුව නිසා එය ව්‍යවර්ථ වී තිබෙන බවත් ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
සිය මහ ඇමතිධුරය අත්හිටුවීම අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් දැක්වීය.
හරීන් ප්‍රනාන්දු
සමහර කට්ටිය කොළඹට ඇවිල්ලා ඇමතිකම් ලබාගන්න හිටපු දවසක්. ඒ සියලු දේ ව්‍යවර්ථ වෙලා තියෙනවා. අපි පැහැදිලිව කියනවා. අපි බලාපොරොත්තු වූ පරිදි නීතිය ඉතාමත්ම ස්වාධීනව කටයුතු කරමින් තියෙන අවස්තාවක්. බලාපොරොත්තුවෙනවා හරී තීන්දුව ලබාදෙයි කියලා. එකම කනගාටුව අද පෝස්ටර් ගහලා ඇමතිකම්වල දිවුරුම් දෙන්න හිටපු කට්ටිය ගැන තමයි.
සුසිල් ප්‍රේම්ජයන්ත්
බැලූ බැල්මට මෙහි නඩුවක් තියෙන නිසා නොතීසි නිකුත් කර තියෙනවා. අධිකරණ නියෝගය සම්බන්ධයෙන් නෙමෙයි වර්තමාන මහ ඇමතිවරයාට තමන් පැරදුන පළාත් සභාවක මන්ත්‍රීවරුන් එහාට මෙහාට පන්නලා බලය ලබා ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නෑ. අපි ඒක ඉදිරියේදී තෛතික වශයෙන් ඔප්පුකරන්න බලාගෙන ඉන්නවා.