ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවට ලබාදුන් වාහනයක් වසර හතරක කාලයක් පුරා භාවිත කිරීම මගින් රජයට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (25දා) අවසර ලබා දුන්නේය.
ෆවුසි මහතාගේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුට ඉන්දියාවේ චෙන්නායි නුවර රෝහලකට යෑමට අවසර ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෝසමක් මගින් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබා දුන්නේය.
ෆවුසි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෝෂමක් මගින් මෙම නඩුව කැඳවනු ලැබූ අතර, ඔවුන් කරුණු ඉදිරිපත් කරමින් ෆවුසි මහතාගේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුට ඉන්දියාවේ චෙන්නායි නුවර රෝහලකට යෑමට අවසර ලබාදෙන්නැයි ඉල්ලා සිටියහ.
ඒ සඳහා අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි කැඳවන ලබන 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.