ෆවුසිට නොතීසි
රජයේ වාහනයක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියකට අධික මුදලක් අලාභ කිරිමේ නඩුවකට අදාළව එළැඹෙන 28දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජාතික ඒකබාද්ධ තා හා ප්රතිසංෂාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (07දා) නොතීසි නිකුත් කළේය.
චානුක රත්වත්තේ යළි රිමාන්ඩ්
රජයේ මුදල් රුපියල් මිලියන 4200ට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්වත්තේ මහතාගේ සහෝදරයෙකු වන චානුක රත්වත්තේ ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු යළි එළැඹෙන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරමී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (07දා) නියෝග කළාය.