අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ විදේශ සංචාරවලදී ඉහළ සිට පහළට යම් පාලනයක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
ඇතැම් අමාත්‍යවරු සහ නිලධාරීන් රාජ්‍ය සමුළු සඳහා විදේශගතවී එම සමුළු අවසන් වුව ද තවත් දින ගණනක් එම රටවල රැඳී සිටින බවත්, මෙම තත්ත්වය පාලනය කිරීමට මෙන්ම එකම නිලධාරියා සෑම වසරකම විදේශගතවීම වෙනුවට නිලධාරීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අවධානය යොමුවිය යුතු බවත් ජනපතිවරයා සඳහන් කළේය.
අමාත්‍යාංශ ලේකම්වරුන් සමග ඊයේ (17දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේය.
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනපතිවරයා සඳහන් කළේ කිසිවෙකුගේ වුවමනාවට එකම ප්‍රාදේශීය ලේකම්වරයෙකු දීර්ඝ කාලයක් එකම ස්ථානයක රඳවා සිටිය නොහැකි බවත්, එම ස්ථාන මාරුවීම් පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිය යුතු බවත්ය.