බදුල්ල -මහියංගණ මාර්ගයේ කයිලගොඩ හන්දියේ පිහිටි, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්රනාන්දු මහතාගේ කාර්යාලය ඉදිරියේ නතර කර තිබූවෑන්රථයක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බදුල්ල පොලීසිය කියයි.
හරින් ප්රනාන්දු මහතාගේ පෞද්ගලික සහකාර නමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ එච්.ඩී.කේ. සේනුල (38) නමැත්තෙකි.
පැමිණිල්ලේ සඳහන්වන්නේ ඉකුත් 17 වැනිදා සවස හරින් ප්රනාන්දු මහතාගේ කාර්යාලය ඉදිරිපිටනතර කර තිබූ මෙම වෑන්රථය රාත්රී 8.00 ටපමන සොයා බලනවිට අතුරුදන්ව තිබූ බවයි.
දින කිහිපයක් වාහනය පිළිබඳව සොයා බැලූ නමුත් තොරතුරක් නොමැති බැවින් 19 වැනිදා පොලීසියට පැමිණිලි කළ බවට පැමිණිල්ලේ සඳහන් වන බවද පොලීසිය පවසයි.