ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට ‘ජනහිතකාමී දේශ හිතෛෂී ශ්‍රී ලංකා පුත්‍ර’ ගෞරව නාමය පිරිනැමීමට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ කටයුතු කොට තිබේ.
රට, ජාතිය රැකගැනීම වෙනුවෙන් නිර්භීතව ලබාදෙන දායකත්වය හා සමාජීය, සංස්කෘතික ආගමික වශයෙන් ඉටුකරන සමාජ මෙහෙවර අගය කිරීම සඳහා මෙම සම්මානය ඇමතිවරයාට පිරිනැමූ බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක දවුල්දෙන ඤාණිස්සර හිමියෝ මෙම ගෞරව නාම සන්නස් පත්‍රය අමාත්‍යවරයාට ලබාදුන්හ. මෙම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩගම බුද්ධ රක්ඛිත නාහිමි හා ශාමඤ්ඤ මහා නිකායේ මහා නායක නපානේ පේමසිරි හිමියෝද සහභාගී වූහ.