අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ විජයදාස රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අද (01දා) නැවත පත් කිරීම පිළිබඳව ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ අදහස් විමසා සිටි අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ එය රජය ගත් තීරණයක් බවත් ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නොවන බවත්ය.
“ මම නෙමෙයි ඒවා තීරණය කරන්නේ. එය රජය ගත්ත තීරණයක්. ඒ තීරණය ගැන මට අදහස් ප්‍රකාශ කිරීම මම හිතන්නේ සදාචාරාත්මක නෑ කියලයි” එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.