ඇමතිවරයෙකුට රජයෙන් ලබාදෙන නිලවාහන රජයේ කටයුතුවලට අමතරව පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීමට අයිතියක් ඇතැයි ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතරණ මහතා අද(17දා) පැවසීය.
පසුගිය ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේද ඇමතිවරයෙකු වන ඒ.එච්.එම්.ෆවුසි මහතා ජනාධිපති ලේකම්කාර්යාලයේ වාහනයක් භාවිත කර ඇතැයි චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවත්,එම තීරණයේ කිසිම සාධාරණත්වයක් නොමැති බවත් විතාරණ මහතා සඳහන් කළේය.
බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය.
“වැරදි කළ අය සිටීනම් කරුණු සහිතව චෝදනා ඉදිරිපත් කරලා ඔප්පු වුවහොත්පමණක් දඬුවම් කිරීම ගැන අපගේ කිසිම විරුද්ධත්වයක් නැහැ.පසුගිය ආණ්ඩුවේ වුණත්, මේ ආණ්ඩුවේ වුණත් ප්‍රශ්නයක් නැහැ.නමුත් ඒක කිරීමේදි හරි තීන්දුවට එන්න ඕන.ඒ සඳහා සුදුසු අපක්ෂපාතී යාන්ත්‍රණයක් තිබිය යුතුයි.නමුත් දේශපාලන වශයෙන් නම් කරන ලද පිරිසකට පමණක් දඬුවම් ලබාදීමට උත්සාහ දැරීම වැරදියි.
ෆවුසි ඇමතිතුමාට විරුද්ධව අල්ලස් කොමිසම නඩුවක් දාලා තියෙනවා මේ මාසේ අන්තිමේදී විභාග කිරීම සඳහා.ඔහුට විරුද්ධව තියෙන චෝදනාව නම් පසුගිය රජයේ ආපදා කළමනාකරණඅමාත්යාංශයේ කටයුතු කිරීම සඳහා වාහනයක් යොදාගැනීමයි.එම අමාත්‍යාංශය අලුත් අමාත්‍යාංශයන් නිසා වාහන තිබුණේ නැහැ.එවිට ඇමතිවරයා හැටියට අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යන්න වෙන අමාත්‍යාංශයකින් වාහන ලබාදෙන්න කටයුතු කරන්න ඕන.එහෙම නැත්නම් ජනාධිපති ලේකම්කාර්යාලයෙන් දෙන්න ඕන.එහෙම නැතිව අමාත්‍යාංශයක් හැටියට ක්‍රියාකරන්න බැහැ.අපිත් පසුගිය රජයේ ඇමතිවරු හැටියට කටයුතු කළා.ඇමතිකෙනෙකුට වාහනයක් දුන්නාම රජයේ කටයුතුවලට පමණක් සීමා කරන්න බැහැ.අපේ පෞද්ගලික ගමන් යන්න අපට අයිතියක් තියෙනවා.මළගෙවල්වල යන්න තියෙනවා.වෙනදෙයකට යන්න තියෙනවා නම් යන්න අයිතිය තියෙනවා.මේක කළා කියලා වත්මන් ආණ්ඩුවේ ඇමති කෙනෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆවුසි ඇමතිතුමාට විරුද්ධව නඩුවක් ගේන එකේ සාධාරණත්වයක් තියෙනවාද?”යනුවෙන් හෙතෙම පවසා සිටියේය.