"19 සහ 20 කියන සංශෝධන දෙක එකට නොගෙනාවොත් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙලා එයට විරෝධය පළකරනවා" යැයි ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඊයේ (8දා) මාතරදී පැවති උත්සවයකදී ඒ මහතා එසේ පැවසීය.
රනිල් මහත්තයා එක සැරයටම මුළු ආණ්ඩුවම තමන්ගේ කියලා අමුතු විදියකින් හැසිරුණා. ඒ නිසා තමයි මේප්‍රශ්න සියල්ලටම මුල. මේ මොකක්ද වෙන්නෙ කියලා අපට ප්‍රශ්නයක් ඇතිවුණා. ඒක තේරුමි ගත්ත ජනාධිපතිතුමා අපට කිවුවා මේක මෙහෙම කරගෙන යන්න අමාරුයි කරුණාකරලා මේකට සහයෝගය දෙන්න කියලා. ඊට පස්සේ මේ ජාතික ආණ්ඩු සංකල්පය බිහිවුණේ.
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවම එකේ තියෙන්නේ ජනාධිපතිවරයගේ බලතල අඩු කරලා අගමැතිවරයගේ බලතල වැඩි කරනවා කියලනම් ජනාධිපතිවරයගේ බලතල අඩු කරන්න ඡන්දය නොදී ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා. මේ ඇමතිකමට අපට කිසි ලෝභකමක් නැහැ. එක පැහැදිලිව කියන්න ඕන. 19 සහ 20 කියන සංශෝධන දෙක එකට නොගෙනාවොත් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙලා එයට විරෝධය පළකරනවා . ඊට පස්සෙ මැතිවරණයකට යනවනම් හිටපු ජනාධිපතිතුමයි වත්මන් ජනාධිපතිවරයයි එකම වේදිකාවට ගෙන එන්න තමයි අපගේ පරමාර්ථය . එහෙම ආවොත් ජයග්‍රහනය පිළිබඳ කිසිම සැකයක් නැහැ . එතකොට කාටවත් බහුතර ආණ්ඩුවක් හදන්න අනාගතයේ ලැබෙන්නේ නැහැ. යැයි හෙතෙම කීවේය.