ආරක්ෂක අංශ තාක්ෂණයෙන් සවිබල ගන්වන චෙක් ජනරජයේ විශේෂ ආරක්ෂක සමුළුවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගී වී තිබේ.
චෙක් ජනරජයේ විශේෂ ආරාධනාවකට අනුව එරට ප්රාග් අගනුවර පැවැත්වෙන “Future Forces” සමුළුව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගිවී සිටියි.
ආරක්ෂක අංශයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් හා අනාගත අවශ්‍යතා සඳහා නවීන ආරක්ෂක උපකරණ නිෂ්පාදන තාක්ෂණය මෙන්ම නවීන ආරක්ෂක ක්‍රමවේද පිළිබඳපර්යේෂණ සහ සංවර්ධන ක්රමෝපායන් මෙම සමුළුවේදී සාකච්ඡාවට බඳුන්වී ඇත.
පසුගිය 17 චෙක් ජනරජයේ ප්රාග් අගනුවරදී ඇරඹි මෙම සමුළුව ලබන 21 දක්වා පැවැත්වෙන අතර, මීට සමගාමීව ආරක්ෂක උපකරණ හා නවීන ආරක්ෂක ක්‍රමවේද භාවිතය පිළිබඳව ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබේ.
මෙම සමුළුව සඳහා සහභාගී වන රටවල් රැසක ආරක්ෂක අමාත්‍යවරු සමඟ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කෙටි සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණ.