ධීවර අමාත්‍යාංශය ඉදිරිපිටදී පසුගියදා පැවති උද්ඝෝෂණයට පහරදීම හේතුවෙන් තුවාල ලැබූ ධීවරයන්ට තම කනගාටුව ප්‍රකාශ කරන බවද ධීවරයන්ගේ පිටුපස සිටින ප්රතිගාමී දේශපාලන බලවේග හඳුනාගෙන ඔවුන්ටද පියවර ගත යුතු බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙම සිදුවීම පිළිබඳව වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වා වැරදි කළ සියලුදෙනාටම නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බවද හෙතෙම පැවසීය.