මඩකළපුවේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ නියෝජ්‍ය ඇමති විනයාග මූර්ති මුරලිදරන් මහතාට ආරක්ෂාව සලසමින් ගමන්ගත් ප්‍රභූ ආරක්ෂක රථයක් නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ නවතා තිබූ ත්‍රිරෝද රියක ගැටීමෙන් එහි රියදුරා හා ඒ අසල බස් නැවතුමේ සිටි කාන්තාවක තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ජීප් රියේ ගැටුණු ත්‍රිරෝද රිය බස් නැවතුමට තල්ලු වී යාමෙන් කාන්තාව තුවාල ලබා ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. අනතුරින් පසුව අමාත්‍යවරයා ආරක්ෂක රිය නැතිව කොළඹ බලා ගොස් ඇත.
මීරිගම කාන්ති