ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුසංයෝගයෙන් සැකසුණු 'යහපාලන ආණ්ඩුව' සිය යහපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර ගණන 77ක් බවට පත් කරමින් ජාතික ආණ්ඩුවකට මුලපිරීය.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 26දෙනෙක් වෙත අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා දීම සිදුවිණි.
නව කැබිනට් අමාත්‍ය ධුර 11ක් නව රාජ්‍ය අමාත්‍ය ධුර 5ක් හා නව නියෝජ්‍ය අමාත්‍ය ධුර 10ක් එක්කළ ආණ්ඩුව සිය කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 40දක්වාද රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 14 දක්වාද නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 23 දක්වා ද වැඩිකරනු ලැබීය.
කැබිනට් අමාත්‍ය ධුර 29ක් රාජ්‍ය අමාත්‍ය ධුර 9ක් හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 13ක් ලෙස මීට පෙර අමාත්‍ය මණ්ඩලය පැවතිණි.