රටේ සංවර්ධනය අතරමග නැවතී තිබෙන බවට පන්සල්වලට ගොස් ප්රකාශ නිකුත් කරනවා සේම, පාර්ලිමේන්තුව තුළදී රටේ සංවර්ධනය නැවතී තිබෙන ලෙසට ප්රකාශ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
රටේ සංවර්ධනය පෙර කවරදාකටත් වඩා වැඩියෙන් සිදුවන බවත්, මේ නිසා හිටපු ජනාධිපතිවරයාට රටේ සංවර්ධනය ගැන පාර්ලිමේන්තුවේදී වචනයක්වත් කීමට නොහැකිවී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
පසුගිය ජනවාරි 08 වැනි දින රටට යහපාලනය උදාකරදී රට සංවර්ධනය කිරීම අගෝස්තු 17 වැනි දින ආරම්භ කළ බවත්, මේ වසරේ ජනවාරි 08 වැනි දින මෛත්රී රනිල් සුසංයෝගයෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගමන ආරම්භ කරන බවත් ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.