මුස්ලිම් ජනතාවට සිදුකරන ප්රචාණ්ඩකාරී ක්‍රියා නවත්වන්නැයි ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ කිසියම් පාර්ශ්වයක් විසින් ලබාදී ඇති අසත්‍ය කරුණු පදනම් කරගෙන බව රජයේ කැබිනට් ප්‍රකාශක ප්රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කවුරුන් හෝ රටේ සැබෑ තත්ත්වය විකෘති කරමින් එම කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයාබැලීම ජාත්‍යන්තරයේ වගකීමක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
“එතුමාට නිදහස තිබෙනවා ඕනෑම අදහසක් පළ කරන්න. නමුත් උන්වහන්සේ මෙවැනි ප්රකාශකයක් කර තිබෙන්නේ අසත්‍ය කරුණු පදනම් කරගෙනයි. දෙපාර්ශ්වයෙන්ම අන්තවාදීන් ගන්නා ලද තීන්දු තීරණ අනුව ඇතිවුණු දෙයක් නිසා මෙහෙම වුණේ. බෞද්ධයන් විතරක් ගිහින් ප්රහාරයන් එල්ල කළේ නෑ. දෙපාර්ශ්වයෙන්ම එය සිදුවුණා.
කවුරු හරි සූක්ෂමව නින්දිත ලෙස රටේ සැබෑ තත්ත්වය විකෘති කරලා කාගේ හරි වුවමනාවකට කරුණු දක්වලා තියෙනවා. ඒනිසයි දලයි ලාමාතුමා මෙවැනි ප්‍රකාශයක් කර තිබෙන්නේ. මේ මාසේ සත්‍ය අසත්‍යභාවය සොයා බැලීම ජාත්‍යන්තරයේ වගකීමක් වෙනවා" යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේය.