සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (02)පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇමතිවරයා විසින් පෙරළා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න අසන්නට විය. පසුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
මාධ්‍ය- ඔබතුමා පෙළපාළිය අසාර්ථකයි කිව්වට විශාල සෙනඟක් හිටියා?
ඇමතිවරයා- මම හෙලිකොප්ටරෙන් දැක්කා. ඔයා හෙලිකොප්පටරෙන් දැක්කෙ නෑනේ. මම එදා හෙලිකොප්ටරෙන් පොළොන්නරුවේ ඉඳන් එද්දි අපි පාදයාත්‍රාවට ඉහළින් ගියා. සෙනඟ යාර සීයක්වත් හිටියෙ නෑ.හොඳට දැක්කා. ප්‍රථම වතාවට මම එහෙම දැක්කේ.
මාධ්‍ය - ඡායාරුපවල වැඩිපුර ජනතාවක් පේන්න ඉන්නවනේ?
ඇමතිවරයා- ඡායාරූප හදන්න ක්‍රම සහ විධි තියෙනවා. ඒ අය අධිකරණ තීන්දුව කැඩුවා. ගැටඹේ තියෙන්නේ නගර සභා සීමාවේ.
මාධ්‍ය- මේ සම්බන්ධව ඔබතුමාලට නීතිමය පියවර ගන්න හැකියාවක් තිබෙනවාද?
අපි ගන්න යන්නෑ. ඒක පොලීසියයි කරන්න ඕන. පොලීසිය මැදිහත් වෙන්නැත්නම් පෞද්ගලිකව මැදිහත් වෙන්න පුළුවන්.
මාධ්‍ය- ඊයේ පාගමන නිසා ජනජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල වුණා. මේ නිසා....
ඇමතිවරයා- ඔයා මොන පත්තරේද? ඔයා මොන පත්තරේද?
මාධ්‍ය- මම රූපවාහිනී නාළිකාවකින්
ඇමතිවරයා - මොකද්ද?
මාධ්‍ය - සිරස
ඇමතිවරයා - තරහවෙන්න එපා ඇහුවට. සාමාන්‍යයෙන් ඔයගොල්ලො දැනගන්න ඕන මාධ්‍ය සාකච්ඡාවක ප්‍රශ්න අහනකොට හඳුන්වාදෙන්න ඕන පත්තරෙයි, නමයි. ඒක තමයි සාමාන්‍ය චාරිත්‍රය. බලන්න ජත්‍යන්තර මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනකොට. මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. බයවෙන්නත් එපා.
මාධ්‍ය- බයවෙන්නෙ නෑ. වෙනදත් ඔබතුමන්ලගෙන් ප්‍රශ්න කරද්දි අපි වැඩකරන ආයතනය මොකද්ද කියන්නෑ.
ඇමතිවරයා - විවිධ මත තියෙනවා. මගේ මතය මම කිව්වේ. ඔයගොල්ලන්ගේ මතය මාධ්‍ය හරහා දාන්න පුළුවන්.
මාධ්‍ය - හයිඩ්පිටියේ හදිසියේ නඩත්තු කටයුතු සිදුකිරීම ගැන දන්නවාද?
ඇමතිවරයා - මම ඒගැන දන්නෑ. ඒක අහන්න ඕන නගර සභාවෙන්. අපි ඉන්නේ මහනුවරනේ.
මාධ්‍ය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානය ළඟ පිරිසක් කෑගසමින් කළහකාරී ලෙස හැසිරී තිබෙනවා?
ඇමතිවරයා - මම එක්සත් ජාතික පක්ෂයේ නිසා ඒ ගැන කතාකරන්න බෑ. හරි එහෙනම් මම යනවා.