නිශාන්තට ඇප
කොළඹ ක්‍රිකට් සංගමයේ ලේකම්වරයාට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හළේය. කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සජිත්ට පැමිණිල්ලක්
තම මැතිවරණ ව්‍යාපාර සඳහා සහාය දැක්වූවන්ට රැකියා ලබාදීමට කටයුතු කරමින් අල්ලස් ලබාදෙන බව පවසමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට සමාජවාදී තරුණ සංගමය අද (24දා) කටයුතු කළේය.
සජිත් ප්‍රේමදාස මහතා රැකියා ලබාදීම සඳහා සුදුසුකම් පරීක්ෂා කරන ඇයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේදී සමාජ ජාල අතර වේගයෙන් ව්‍යාප්ත විය.
ජයන්තට ඇප
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට මිලියන 5ක අලාභයක් කිරීමේ චෝදනා යටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (24දා) නියෝග කළාය.
වීරවංශ රිමාන්ඩ්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීම ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 10.5කට අධික අලාභයක් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන සරත් වීරවංශ එළැඹෙන 07 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.සරත් වීරවංශ මහතා හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සොහොයුරාද වෙයි.