කොටි ත්රස්තවාදීන් විසින් විල්පත්තු වනයේ සිට ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයකට මිසයිල ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව දින 4 ක් අඛණ්ඩව විභාගයට ගැනීම අද (01දා) සිට ආරම්භ විය.
අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී අද (01දා) නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින කොටි මිසයිල බළකායේ හිටපු සාමාජිකයන් දෙදෙනා දින හතරේදීම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
2000 වසරේ මාර්තු 31 වැනිදා පලාලි සිට රත්මලාන බලා පියාසර කරමින් සිටි මෙම ගුවන් යානයට එල්ලවූ මිසයිල ප්රහාරයෙන් එය පියාසර කළ රුසියානු ගුවන් නියමුවා ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයෝ තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.