ආහාරවලට අන්තර්ගත කරන රසකාරක ද්‍රව්‍ය 19ක් භාවිත කිරීම 2014 ජුලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව, රසකාරක ද්‍රව්‍යයක් හෝ රස ප්‍රවර්ධකයක් මෙරටට ආනයනය කිරීමේදී අදාළ රස කාරක හෝ රස ප්රවර්ධක ද්‍රව්‍ය නිෂ්පාදිත රටේ අධිකාරිය විසින් ආරක්ෂිත හා යෝග්‍ය බවට සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මේ තත්ත්ය තුළ අදාළ අනුමැතිය නොමැතිව කිසිදු රසකාරක ද්‍රව්‍යයක් හෝ රස ප්රවර්ධක ද්‍රව්‍යයක් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම විකිණීම, බෙදාහැරීම, භාවිත කිරීම හෝ ප්‍රචාරය කිරීම සපුරා තහනම් බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආහාර උපදේශක කමිටුවේ කරුණු විමසීමෙන් අනතුරුව, මෙම තීරණය ගෙන ඇති බව පැවසෙයි.
මේ අනුව, 2014 ජුලි මස 01 වන දින සිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තහනම් කෙරෙන රසකාරක ද්‍රව්‍ය වන්නේ,
ඇලොයින්, බර්බරින්, බීටා-ඇසරෝන් සහ සිනමයිල් ඇන්ත්‍රක්සිලේට්, කේඩ් ඔයිල්, කැලමසි ඔයිල්, කොකේන්, කුමරින්, ඩයිඑතීලින් ග්ලයිකොල්, ඩයිඑතීලින් ග්ලයිකොල් මොනොඊතයිල් ඊතර්, ඇස්ට්රගෝල්, ඉයුජිනයිල් මීතයිල් ඊතර්, හයිපරීසීන්, නයිට්රොබෙන්සීන්, පයිරොලිජිනස් ඇසිඩ්, සැෆ්රෝල් සහ අයිසොසැෆ්රෝල්, සැන්ටොනින්, සසාප්‍රස් ඔයිල්, තුජෝන්, අයිසෝතුජෝන්, ටොන්කා බීන් යන රසකාරක ද්‍රව්‍යයන්ය.
එසේම ඇතැම් අහාර ද්‍රව්‍ය සඳහා රසකාරක ප්රවර්ධක යෙදීමද අදාළ දිනයේ සිට තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර, පහත සඳහන් ආහාරවලට අදාළ දිනයේ සිට රසකාරක ප්රවර්ධක යෙදීමද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර ඇති අතර, එම ආහාර වර්ග වන්නේ, කිරි හා කිරි නිෂාපාදන, අයිස්ක්‍රීම් හා අධිශිතකරන ලද අතුරුපස, මේද සහ තෙල්, මාගරින් සහ මේද තැවරුම, මතුපිට හරින ලද කපන ලද පලතුරු හෝ එළවලු, හතු සහ හතු නිෂ්පාදන, පලතුරු වයින්, පලතුරු කුඩු, එළවලු කුඩු, ක්ෂණික පලතුරු සහ එළවලු චට්නි මිශ්‍රණය, ආහාර ධාන්‍ය, මාෂතෙල් සහිත ඇට සහ අඹරණ ලද පිටි කළ ධාන්‍ය, සහල් ඇතුළු ධාන්‍ය වර්ග, කෑමට සුදුසු ධාන්‍ය පිටි සහ පිෂ්ඨය, සවු, පැස්ටා සහ නුඩ්ල්ස්, මොල්ටා අඩංගු ආහාර සහ කිරි අඩංගු ආහාර, බේකරි නිෂ්පාදන, සම්පූර්ණ කොටස් හෝ කැබලි කරන ලද හෝ කුඩා කොටස් කරන ලද අලුත් මස්, කුකුල් මස් හා දඩ මස්, අලුත් මාලු සහ මොළුස්කාවන්, ක්රස්ටේසියාවන් සහ සෛල චර්මීන්, සුදු සීනී, දුඹුරු සීනී, සුක්රෝස්, ෆ්රැක්ටෝස්, ග්ලුකෝස්, සයිලෝස්, සීනී ද්‍රාවණ සහ සිරිප් මෙන්ම පරිවර්තිත සීනි හකුරු, පැණි, සීනි ඇතීරුම්, වෙනත් සීනි වර්ග සහ සිරප් වර්ග, මී පැණි, සීනි රසකැවිලි, විශේෂිත ව්‍යාංජන මිශ්‍රණ, පැකට්ටුවල ඇති රසකාරක හැර සුපවේදය සඳහා යොදාගන්නා ශාක කුළුබඩු, තුනපහ කුඩු සහ ව්‍යාංජන කුඩු, කළු තේ, හරිත තේ, කෝපි සහ ධාන්‍යමය බීම වර්ග, බේකින් පවුඩර්,කොකෝවා බටර් සහ නිෂ්පාදනයි.
එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආහාර සඳහා එක් කළ හැකි රසකාරක ද්‍රව්‍ය කිහිපයකට අවසර ලබාදී ඇති අතර, ඩයිඇසටින් (ග්ලිසරීන් ඩයිඇසිටේට්, ග්ලිසරයිල් ඩයිඇසිටේට්, ග්ලිසරෝල් ඩයිඇසිටේට්), ඩයිඊතයිල් ඊතර්, ඊතයිල් ඇසිටේට්, ඊතයිල් ඇල්කොහොල්, ග්ලිසරෝල්, අයිසොප්‍රොපයිල් ඇල්කොහොල්, ප්‍රොපිලීන් ග්ලයිකෝල්, ට්රයිඇසටින් (ග්ලිසරීන් ට්රයිඇසිටේටි ග්ලිසරයිල් ට්රයිඇසිටේටි, ග්ලිසරෝල් ට්රයිඇසිටේටි) ජලය, ඒ අතරින් වෙයි.