රටේ වගා කළ හැකි සෑම බිම් අගලක්ම වගාවට යොමු කරමින්, දැනට ආනයනය කරනු ලබන එහෙත් දේශීයව නිෂ්පාදනය කළ හැකි ආහාර වර්ගවලින් රට ස්වයංපෝෂිත කිරීමට ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ආරම්භ කළ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (09දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.