ආහාර ඖෂධ මෙන්ම බලශක්ති වගාවටත් අප යොමුවිය යුතුයි
ඉදිරි ශත වර්ෂය බලශක්ති ගොවිතැන සඳහා ලෝකය යොමුවන කාලසීමාවක් බවත්, ආහාර, ඖෂධ වගා කරනවා සේම බලශක්ති වගාව සඳහාද අප යොමුවිය යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජාතික බලශක්ති සංරක්ෂණ පාසල් තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවයට ඊයේ (10දා) පදනම් ආයතනයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
&ලංකාවේ විදුලි බලාගාරවලින් ලැබෙන බලශක්තියට වඩා දරවලින් බලශක්තිය ලැබෙනවා. නමුත් බොහෝදෙනා හිතන්නෙ එය නොදියුණු ලක්ෂණයක් කියලා. දර කියන්නෙ අපිට නැවත නැවත භාවිත කරන්නට පුළුවන් බලශක්තියක්. ආහාර, ඖෂධ වගා කරනවා වගේ බලශක්තියත් වගා කරන්නට අපි හුරුවිය යුතුයි. බලශක්ති ගොවිතැන ඉදිරියේදී වැදගත්ම ගොවිතැන බවට පත්වෙනවා. බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කළ නොහැකි රටවල් බංකොළොත් වෙනවා. එබැවින් බලශක්ති ඉතුරුමට යොමුවීම පුද්ගලයාටත්, රටටත් වැඩදායකයි* යැයි පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කළ බල රක්ෂණය පිළිබඳ මෙම තරගයේ ජයග්‍රාහකයන් උදෙසා ලැප්ටොප් පරිගණක, මුදල් ත්‍යාග සහ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩල සභාපති අනුර ගනේගල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

