'ආවා ගෲප්' පමණක් නොව යාපනයේ තවත් කල්ලි ගණනාවක්ම මේ දිනවල ක්රියාත්මක වී සිටින බැවින් යාපනයේ ජනතාව දැඩි ලෙස බියට පත්ව සිටින බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතා පැවසීය.
යාපනය දිස්ත්රික්කයේ වත්මන් වාතාවරණය පිළිබඳ විමසීමේදී උතුරු පළාත් සභාවේ සභාපති වරයා මේ බව කියා සිටියේය.
එහිදී සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මංකොල්ලකෑම්, බියවැද්දීම්, තර්ජනය කිරීම් හා විවිධ අන්දමේ බලපෑම් මෙම කල්ලි විසින් සිදුකරන බැවින් ජනතාවට කුමන පාර්ශ්වයක් විසින් එම ක්රියාවන් සිදුකරන්නේද යන්න ගැටලුවක් මෙන්ම බියක්ද ඇති වී තිබෙන බවයි.
එමෙන්ම ජනතාව මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කරන අතරතුර පොලීසියද එම පැමිණිලි විභාග කරන නමුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවී ඇතැයිද හෙතෙම පැවසීය.
මේ පිළිබදව තමන් පොලීසියෙන් විමසූවිට පොලීසිය පැවසුවේ මහජනතාවගෙන් ලැබෙන සහාය ප්රමාණවත් නොවන නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි බව යැයිද සභාපතිවරයා සඳහන් කළේය.
ි