උතුරේ ක්‍රියාත්මකබව පැවසෙන ආවා නමැති කල්ලිය හිටපු ආරක්ෂක ලේකම්ගේ අනුදැනුම මත ගොඩනැගූ කල්ලියක් බවත්,එය ගොඩනැගූ බ්‍රිගේඩියර්වරයා තමන් දන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පසුගිය සමයේ ක්‍රියාත්මකවූ වෙනත් ද්‍රවිඩ කල්ලි මර්දනය කිරීමේ අරමුණින් මෙවන් කණ්ඩායම් බිහිකරන්නට ඇති නමුත් ඒවා වර්තමානයට අවශ්‍ය නොමැති බවත්, වර්තමානයේ පවා ඒවා ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ අවශ්යතාඅනුව බවත් අමාත්‍යවරයා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ,අද (02දා)රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.