මහ බැංකුවේ කීර්ති නාමය, ගරුත්වය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීම සඳහා තම උපරිම කැපවීම දක්වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියේය.
නව අධිපතිවරයා මෙසේ පවසා සිටියේ අද (05දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අනාගත කාර්යයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නව අධිපතිවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථායීකරණය කරමින්, ප්‍රබල සාර්ව ආර්ථික මූලධර්ම මත පිහිටා කටයුතු කළ යුතු බවයි. මෙය ප්‍රධාන මෙවලමක් බවත්, මේ සම්බන්ධයෙන් ක්රියාකිරීමේදී මහ බැංකුවට විශාල කාර්යභාරයක් පැවරෙන බවත් අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ප්රත්පත්ති හඳුන්වාදීම පහසු කාර්යයක් නොවන බව පැවසූ අධිපතිවරයා, මේ දක්වා රජය හඳුන්වාදී ඇති ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව නිවැරදි මාවතක ගමන් කරන බව තමා විශ්වාස කරන බවයි. කෙසේ වෙතත්, මේ තත්ත්වය පවත්වාගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා