ලංකා ගුරු සංගමයෙන් මානව හිමිකම් පැමිණිල්ලක්
මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇති වූ දෝෂ නිසා දරුදැරියන්ට සිදුව තිබෙනා අසාධාරණයට සාධාරණයක් ලෙස සෑම දරුවෙකුටම ලකුණු 15 ක් ලබාදෙන ලෙස ඉල්ලා පෙරේදා (15දා) ලංකා ගුරු සංගමය මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇති වූ දෝෂ තත්ත්වය නිසා දරුවන්ට ලකුණු 15ක් එකතුකරන ලෙසට මහාචාර්යවරුන්, ආචාර්යවරුන් දහදෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අගෝස්තු 31 වැනිදා ජනාධිපතිවරයාට ලබා දී තිබෙන බවය.