පාසල් යායුතු වයසේ පසුවන ආර්ථික අපහසුකම් හේතුවෙන් පාසල් යෑමේ දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර එළඹෙන අයවැය යෝජනා සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (30දා) පැවසීය.
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යෙදෙන සැප්තැම්බර් 08 වැනිදා නිමිති කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.