ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන කොළඹ, ආරක්ෂක සමුළුව ලබන මස 01 වනදා සහ 02 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙවර එහි තේමාව වී ඇත්තේ "මෘදු බලය හා ගෝලීය ගැටළු කෙරෙහි බලපෑම" යන්නයි. දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක විද්වතුන් රැසක් එම සමුළුවට සහභාගිවීමට නියමිතව තිබේ.