ශ්‍රී ලංකාවේ සමගි සන්ධාන වීමේ හා වගවීමේ ක්‍රියාවලියේ පැහැදිලි වර්ධනයක් පෙන්වන්නේ නම් පමණක් ශ්‍රී ලංකාවත් සමග ආරකෂක සබඳතා ඇති කර ගැනීම පිළිබඳව අවධනය යොමු කරන බවටඇමෙරිකාව පවසයි.
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බ්ස්වාල් සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාවලිය අනුව ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලියේ හා නීතියේ සාධාරණත්වය ආරක්ෂා කිරීම ගැන පැහැදිලි පියවරයන් ගැනීම පිළිබඳව ඇමෙරිකාව අවධානයෙන් පසුවන බවයි.
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යලයේදී දකුණු ආසියාව පිළිබඳව ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව දේශනයක් සිදුකරමින් ඇය ඉහත අදහස් ප්‍රකාශ කළාය.