ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) ලෙස ඩබ්.ඒ. කුලසූරිය මහතා වැඩභාරගෙන තිබේ
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට අයත් ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් වන ඩබ්.ඒ. කුලසූරිය මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරනය පිළිබඳ උපාධිරියෙකි. ඔහු විවෘත විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳව හදාරා නීති විද්‍යාලයේ නීතිඥයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිව්රුම් දී ඇත.
මීට පෙර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කල ඒ මහතා පඩුවස්නුවර ප්‍රාදේශීය ලේකම්, වයඹ පළාත් සභාවේ සමූපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් ඇතුළු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ තනතුරු රැසක් හොබවා ඇත.