නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම නිසා විල්පත්තු අභය භූමිය ආශ්රිත ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට නිවාස අහිමි වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ නාවුක හමුදා කඳවුර මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදිකළ බවත් ඒ හේතුවෙන් ඉඩම් අහිමි වූයේ එක් මුස්ලිම් පවුලකට බවත් ඔවුන්ද නාවික හමුදාවේ මැදිහත්වීම මත මරිච්චිකඩ්ඩු ප්‍රදේශයේ නැවත පදිංචි කළ බවයි.
වෙනත් කිසිඳු මුස්ලිම් පවුලකට නාවුක හමුදා කඳවුර හේතුවෙන් දේපළ අහිමි නොවු බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනක් නිකුත් කරමින් වැඩි දුරටත් සඳහන් කරයි.