නීතිවිරෝධී ආකාරයට විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් ඉහළ දැමූ වැටුපට අද (24දා) කැබිනට් අනුමැතිය ලබාදීමට කටයුතු කළ හොත් හෙට (25දා) දහවල් 12.00 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.
2014/11/27 වන දින සිදුකළ වැටුප් වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයේ හෝ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී නොමැති බවත් මේ නිසා අද දිනයේදී කැබිනට් අනුමැති බාදීමට සැලසුම් කර තිබෙන බවද එම සන්ධානය සඳහන් කළේය.
එහි සම කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ සිදුකළ වංචාව නිසා මාසයකට රුපියල් ලක්ෂ 400 අමතර මුදලක් දැරීමට සිදුව ඇති බවයි. මේ අනුව ගෙවී ගිය මාස 36+ට රුපියල් මිලියන 1500ක් වැයකර ඇති බවද ඔහු සඳහන් කළේය.
කැබිනට් අනුමැතිය නොමැති නිසා විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම ඉවත් කරන ලෙසට පසුගිය සැප්තැම්බර් 13 දා සිට දින පහමාරක් වැඩ වර්ජනයක් කළ බවත් එම අවස්ථාවේදී එයට ඉහළ ප්රතිචාරයක් ලැබුණ බවත් ජයලාල් මහතා වැඩිදුරටත් පැවැසීය.