හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන පියසේන ගමගේ මහතාට නැවත පාර්ලිමේන්තුව නියෝජනය අවස්ථාව හිමිව තිබේ. ඒ ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02දා) නැවත වරක් තීන්දු කිරීම හේතුවෙනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ පියසේන ගමගේ මහතාය.
“දැන් ඉතින් පාර්ලිමේන්තු යන්න වෙනවා නේ. මෙහෙමයි මම පාර්ලිමේන්තුවේ අවුරුදු 26 ක් හිටියා. ඒ නිසා මට අමුතුවෙන් පාර්ලිමේන්තු යන්න ලෑස්ති වෙන්න දෙයක් නෑ. ඇමතිකම් ගැන ඉතින් මම දන්නේ නෑ. මම පක්ෂයේ උපසභාපති නේ. මම හැමදාම කළේ දුන්න වගකීම කරපු එක. ලැබුණොත් ඇමැතිකමක් සතුටෙන් භාර ගන්නවා.
වසර 17 යු.එන්.පී පාලනය නැති කරන්න දකුණේ ප්‍රමුඛතාව ගත්තේ රිචඩ්, දොඩංගොඩ ට පස්සේ මම. නමුත් රාජපක්ෂ මහත්මයා මම ජ්‍යෙෂ්ඨ ඇමති කළා.මේ සැරෙත් ඇමතිකමක් ලැබුණොත් හොඳට වැඩ කරනවා.
ඔය දැන් යහපාලනයට එකතුවෙලා ඉන්න අයත් එදා කිව්වේ පනින පියසේනට දෙන්න එපා කියලා. තව අය එකතු වෙලා මට වට කරලා ගැහුවා. ගැහුවා විතරක් නෙවේ මාව සමූල ඝාතනය කළා. ඇත්තටම එදා වුණ දේ ගැන මට තියෙන්නේ කනගාටුවක්. අද ඇමතිකම් අරගෙන ඉන්න අයත් මට කෙනෙහිලිකම් කළා. ඔය සියලු දේ ට අහුවුන මම පැරදුනා. පස්සේ තමයි මිනිස්සුන්ට තේරුණේ හිනිදුමට මන්ත්‍රී කෙනෙක් නෑ කියලා. එතකොට පරක්කු වැඩියි.
මේ දේශපාලනයේ සැමදා හතුරෝ නෑ. හැමදා මිතුරොත් නෑ. ඒ නිසා පක්ෂය වෙනුවෙන් එකතු වෙලා වැඩ කරනවා.”
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රී ලාල් / ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු